පැය දෙක තුනක් විතර යද්දි බඩු ගොඩාක් අරගෙන ක්‍රිෂාන් ගෙදර ආවා. දේදුණුට කතා කරත් සද්දයක් නැති නිසා ඒ බඩු ටික සාලෙන් තියලා ක්‍රිෂාන් දේදුණු ඉන්න කාමරේට ඔලුව දාලා බැලුවා.පොතක් බල බලා ඉන්න ගමන්ම දේදුණුට පොත පපුව උඩ තියාගෙනම නින්ද ගිහින්.ක්‍රිෂාන් පොත අරන් පැත්තකින් තියලා දේදුණුට සීට් එක පෙරෙව්වා.දාඩියත් තියන නිසා ෆෑන් එක දාලා ළඟින් තියලා ඔහු ගෙනාපු බඩු ටික කබඩ් එකෙන් අහුරලා දැම්මා.

කඩවල් ගනනාවකම ඇවිදලා පුදුම දාඩියක් වගේම මහන්සියක් තිබුනෙ ක්‍රිෂාන්ට.ඒ නිසා ඔහු නාගෙන ඉවර වෙලා කාමරේට ගිහින් ෆෑන් එක දාගෙන නිදාගත්තා.

දන්නෙමත් නැතුව ගොඩාක් වෙලා මට නින්ද ගිහින් තිබුනා.ඇස් දෙකත් පොඩි කර කර නැගිටලා කාමරෙන් එළියට ඇවිත් බලද්දි මට තේරුනා ක්‍රිෂාන් මහත්තයා ගෙදර ඇවිත් කියලා.

කාමරේ දොර රෙද්ද ඈත් කරලා බලද්දියි මං දැක්කා ක්‍රිෂාන් මහත්තයා නිදාගෙන ඉන්නවා.පව් මහන්සියට නිදාගෙන ඇති.මං ආපහු කාමරේට ආවා.නාගන්න ඕනි කියලා හිතුනු නිසා ඇඳුමක් ගන්න කබඩ් එක අරිද්දියි මං දැක්කෙ මුලු කබඩ් එක පුරවලා තියන පොඩි බබාලගෙ ඇඳුම්,තව බඩු එහෙම.රෝස පාට නැපි ගොඩායි.

බබා නාවන්න බේසමක් වෙනම තිබුනා. චූටිම චූටි සපත්තු,තොප්පි,චූටි චූටි ගව්ම් පොඩිති,බේබි ටවල්……….ඇතුළු ගොඩාක් බඩු ජාති තිබුනා.ඒ හැම එකක්ම රෝස පාටින් ක්‍රිෂාන් මහත්තයා ගෙනත් තිබුනෙ.රෝස පාටින් බඩු ගන්නෙ ගැහැණු ළමයින්ට. ඒත් මං තාම දන්නෙත් නෑනෙ මගෙ කුසේ ඉන්නෙ දුවෙක්ද පුතෙක්ද කියලා.

හැබැයි ක්‍රිෂාන් මහත්තයා ගෙනත් තියෙන්නෙ දුවෙකුට අවශ්‍ය කරන බඩු. ක්‍රිෂාන් මහත්තායට හිතෙනවා ඇති මට හම්බෙන්න ඉන්නෙ දුවෙක් කියලා.

කබඩ් එකේ පැත්තකට වෙන්න බබාලා හම්බෙන්න ඉන්න අම්මලා අඳින අලුත්ම ගව්ම් කිහිපයක් තිබුනා.මට හිතාගන්න බැරි වුනා මායි දරුවයි වෙනුවන් මෙච්චර දෙයක්😱මේ බඩු වලට ක්‍රිෂාන් මහත්තයාට සෑහෙන වියදමක් යන්න ඇති.මේ කරන උපකාර වලින් ක්‍රිෂාන් මහත්තයාගෙ ජීවිතේට හොඳක්,යහපතක්ම වෙන්න ඕනි.

නාගෙන ඇවිත් මං දවල්ට කෑම ඉව්වා. ක්‍රිෂාන් මහත්තයා නම් තාම නිදි. ඇහැරවන්න දුක හිතුණු නිසා මං කෑම ටික මේසෙට ඇරලා මිදුල අතුගාලා ඉවර වෙලා ගේත් අස් කරලා අතු ගෑවා.

“ආ………ඔයා නැගිට්ටද දේදුණු?……………….”😴

ඈනුම් ඇර ඇර නිදිමතේම ඇසුත් පොඩි කර කර ක්‍රිෂාන් මහත්තයා කුස්සියට ආවා.

“මං නැගිටලා දැන් ගොඩාක් වෙලා මහත්තයා.මූණ,කට හෝදගෙන එන්න කෑම කන්න.මං උයලා තියෙන්නෙ…………………”

“දැන් කොහොමද උණ එහෙම?තාමත් ඇඟට අමාරුද?………………..”

ක්‍රිෂාන් මහත්තයා මගෙ නළලටයි බෙල්ලටයි පිටි අල්ල තියලා බැලුවා.

“ඇඟයි ඔලුවයි නම් ටිකක් රිදෙනවා මහත්තයා.කට නම් තාම තිත්තයි.ඒත් ඊයෙට වැඩිය ගොඩාක් අඩුයි……………..”

“තාම ඇඟ ඇතුලෙ උණ තියනවා.ඒකයි ඔය කට තිත්ත දැනෙන්නෙ.එන්න බත් ටිකක් කාලා දවල්ට බෙහෙත් බොමු………………..”

බත් කන්න කියනකොටත් දැනුනෙ අප්පිරියාවක්.කට නිකන් සෙවලයි වගේ.ඒත් මං කන්න බෑ කිව්වත් ක්‍රිෂාන් මහත්තයා බලෙන්ම හරි මට කවනවා.

“අනේ මහත්තයා……………….”😫

“ඇයි මොකද?………………….”😠

අම්මෝ😱ඒක අහපු හැටි.ක්‍රිෂාන් මහත්තයට තේරුනා වගේ මං මොකක්ද කියන්න හදන්නෙ කියලා. ඒකයි පොල්ලකින් ගහනවා වගේ “ඇයි මොකද” කියලා ඇහුවෙ.

“අනේ බනින්න නම් එපා මහත්තයා මට කන්න අමාරුයි.කට තිත්ත නිසා අප්පිරියයි වගේ……………….”😫

“එහෙම කියලා බෑනෙ ළමයො.ඔතන එක බඩක් නෙවෙයිනෙ බඩවල් දෙකක්නෙ.ඔය පාන් කෑල්ලක් බනිස් ගෙඩියල් බිස්කට් එකක් වගේ දෙයක් කාලා බෑනෙ.අප්පිරියයි කියන්නැතුව අමාරුවෙන් හරි කටවල් දෙක තුනක්වත් කන්න.නොකා නොබී බඩගින්නෙ ඉන්න හොඳ නෑනෙ මේ දවස් වල.ඔයා බඩගින්නෙ හිටියොත් මෙයා පව්නෙ…………………”

මගේ කුස පෙන්නලා ක්‍රිෂාන් මහත්තයා එහෙම කිව්වා.කන්න හැදුවත් කට තිත්ත නිසා කන්නම බැහැ.ක්‍රිෂාන් මහත්තයා එයාගෙ පිඟානෙන් බත් කටවල් දෙකක් තුනක්ම කැව්වා.

“තව ටිකක් කමු.මේ පොඩ්ඩ කාලා මදිනෙ……………….”

“අනේ ඇති මහත්තයා.මං පාන් කෑල්ලක් කන්නම්………………..”

“පාන් ගේන්න මං ගාව සල්ලි නැහැ.ඒ නිසා ගුටි නොකා මේ බත් ටික කනවා………………….”😠

පන් ගේන්න සල්ලි නැහැ කිව්වෙ බොරුවට.එහෙම කිව්වෙ මට බත් ටික කවාගන්න ඕනි නිසා කියලා මට තේරුණා.කොහොම හරි මට සැර කරලා බත් කටවල් පහක් හයක්ම කැව්වා.

“අනේ දැන් ඇති මහත්තයා………………..”

මං හැදුවෙ කුස්සියට ගිහින් දෙහි කෑල්ලක් හරි සූප්පු කරන්න ගන්න කට තිත්ත නිසා.ඒත් ක්‍රිෂාන් මහත්තයා මට යන්න දුන්නෙ නැහැ.

“කොහෙද දුවන්න හදන්නෙ?ඔහොම ඉන්න මේ බෙහෙත් ටික බොන්න. බෙහෙත් බීපු ගමන් ඇඹුල් ජාති කන්න එපා.මං දන්නවා කුස්සියට යන්න හැදුවෙ දෙහි කෑල්ලක් හරි නාරං ගැටයක් හරි කටේ දාගන්නනෙ………………..”

💞💞💞

දෙනුවන්ගේත් නිරාෂාගේත් විවාහ මංගල්‍ය කොළඹ ගලධාරි හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විනි.එයට දෙපාර්ශවයේ නෑදෑයින් හිතවතුන් යාලු මිත්‍රයින් විශාල පිරිසක් සහභාගී වූහ.ප්‍රදේශයේ දේශපාලන හිතවතුන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ බලවතුන් ඇතුළු විවිධ ගනයේ පොහොසතුන් රැසක්ම සහභාගී වුනා.

දෙනෙත් විවාහ මංගල්‍ය සඳහා සහභාගී වුනත් වන්දනාත් සිය පුත්‍රයාත් එයට සහභාගී වුනේ නැහැ.මුල සිටම වන්දනා දෙනෙත්ට කියා සිටියේ සිය සහෝදරියගේ ජීවිතය විනාශ කළ දෙනුවන්ගේ විවාහයට තමාත් තම දරුවාත් නොයන බවයි.එයට උරණ වූ දෙනෙත්ගේ මව වන්දනාට බැන වැදුනා.

“උඹට එන්න බැරි නම් නිකන් හිටපන්. හැබැයි මගේ මුණුපුරා මගේ පොඩි පුතාත් එක්ක කසාදෙට එනවා එච්චරයි.උඹට ඕනි විදියට අපි නටන්නෙ නැහැ………………..”😡

“මේ දරුවගෙ අම්මා මමද?තමුන්ද?මට ඕනි පිළිවෙලටයි දරුවා හැදෙන්න ඕනි. මගෙ දරුවා ඔය ගල් මූසලයගෙ මඟුලට යන්නෙ නෑ නෑ නෑමයි.මගෙ අක්කා කරපු අපරාධෙට ඕකා ගැන දෙයියොම බලා ගන්න ඕනි.දොස්තර නෙවෙයි ඕකාට කොන්දොස්තර කමවත් ගැළපෙන්නෙ නැහැ………………..”😡

විවාහය සඳහා දෙනුවන්ගේ පාර්ෂවයෙන් ක්‍රිෂාන්ට ආරාධනා ලැබුනත් ඔහු එයට සහභාගී වුනේ නැහැ.ආරාධනාවක් ලැබුනු බවත්, විවාහය පැවැත්වෙන දිනයවත් කිසිඳු දෙයක් ක්‍රිෂාන් දේදුණුට පැවසුවේ නැහැ.ආරාධනා පත්‍රය ලිපට දමා පිළිස්සුවා.දෙනුවන්ගේ පාර්ෂවයේ කිසිම අයෙක් ක්‍රිෂාන්ව හඳුනන්නෙ නැහැ.ඔවුන් ක්‍රිෂාන්ට විවාහයට ආරාධනා කරේ ඔහු පොලිස් ස්ථානයේ ලොක්කෙකු නිසායි.

විවාහයෙන් පසු දෙනුවන් සහ නිරාෂා පදිංචි වූයේ දෙනුවන්ට අයිති නිවසේයි. නිවසේ බඩු බාහිරාදිය සියල්ලම තිබූ ආකාරය දෙනුවන් වෙනස් කරා.නිවසේ අල්මාරියක තිබී හමුවූ දේදුණුගේ චායාරූපයක් දුටු නිරාෂාට කේන්ති ගියා.

“දෙනුවන්………..😠ඔයා මොකටද මේ ගෑණිගෙ ෆොටෝස් තාම ළඟ තියාගෙන ඉන්නෙ?ඔයා තාමත් මේකි ගැන හිතනවද?………………..”😡

“අයියෝ බබී……ඔයා මොකද මේ නිකන් බොරුවට කලබල වෙලා.මං එයාගෙ ඉතුරු වෙච්චි ඇඳුම්,ෆොටෝස් ඔක්කොම පිච්චුවා.ඕක දකින්න නැතුව ඇති.ඔයා කලබල වෙන්නැතුව ඉන්නකො.මං ඕක පුච්චලා දාන්නම්. ඕකේ?……………….”

“හ්ම්ම්………………..”

දේදුණුගෙ එම චයාරූපය කෑලි කෑලි වලට ඉරා දැමූ දෙනුවන් ඒ කෑලි ටික පිච්චෙන්නට ලිපට දැමුවා.

“දෙනුවන්…………………..”😚

ඔහුගේ කමිසයේ බොත්තම් එකින් එක ගැලවූ නිරාෂා ඒ පපුව මත සිය ඇඟිලි තුඩු වලින් පිරි මැද්දා.දෙනුවන් ඇගේ දෙතොල් තම දෙතොලින් අල්ලාගෙන ඇයව සයනයේ සතපවාගෙන ඇගේ සිරුර මතට එබුනා.ඇය හා අනුරාගයේ වෙලෙන්නට ඔහුට අවශ්‍ය නමුත් නිරාෂාගේ සිතේ තිබුනේ වෙනම අදහසක්.

“ඔයා අද වෙනස් බබී.ඇයි මේ?………………..”

“ම්……මොකුත් නෑ දෙනුවන්……………….”

“මොකුත් නැති වෙන්න බැහැ.මට ඇත්ත කියන්න………………..”

“ඔයා කිව්වා නේද මැරි කාරාට පස්සෙ මගේ පාවිච්චියට කාරෙකක් අරන් දෙනවා කියලා……………….”

“අහ්………ඒකද මේ මූණ එල්ලන් ඉන්නෙ?හරි හරි ලබන සතියෙ අරන් දෙන්නම් හරිද?කෝ දැන්වත් හිනා වෙලා ඉන්න………………”

“අනේ ඔය ඇත්තමද?තැන්ක්‍යූ දෙනුවන්……………….”🤩😚

ඔහුගේ දෙතොල් පුරාවටම උමතුවෙන් මෙන් සිපගත් ඇය සිය සතුට ප්‍රකාෂ කරා.

💞💞💞

“මහත්තයා?…………………”

“හ්ම්ම්.ඇයි දේදුණු?………………..”

“මහත්තයා……මේ……ගෙනත් තියන ඇඳුම්………………”

“ඇයි ඒවා හරි නෑ වගේද?………………..”

“අනේ එහෙම දෙයක් නෙවෙයි මහත්තයා ඒවා ගොඩාක් ලස්සනයි. ඒත් මේ චූටි චූටි ගව්ම් ගෙනත් තියෙන්නෙ?………………..”

ඔහුට වැටහුනා ඇය අසන ප්‍රශ්නය. ඉතින් ඔහු පුටුවෙන් නැගිට ඇය වෙතට ගියා.

“මේවා මගේ….කෙල්………..මේ ගව්ම් ඔය හම්බෙන්න ඉන්නට කෙලි පැටික්කිට………………..”

“ඉතින් මහත්තයා අපි තාම දන්නෙ නෑනෙ මෙයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කොල්ලෙක්ද කියලා………………..”

“මං නම් දන්නවා.මෙයා අනිවාර්යෙන්ම කෙල්ලෙක්මයි.කෙල්ලො හම්බෙන්න ඉන්නැද්දී අම්මලා ලස්සන වෙනවලු. ඔයත් ගොඩාක් ලස්සන වෙලා දේදුණු. හරියට දේදුන්නක් වගේ……………….”

ඇගේ දෑස් වලට කඳුලු පිරුනි.ඒ දිලිසෙන කඳුලු කැට ඔහු දුටුවා.ඔහු ඒවා සිය දෑඟිලි වලින් පිස දැමුවේ දැඩි සෙනෙහසකිනි.

“මේ කරන උදව් උපකාර වලට මං කොහොම ණය ගෙවන්නද මහත්තයා………………..”😭🙏

“දෙයක් කරනවද එහෙනම්?………………”

“හා…………………”🙂

“මට කහට ටිකක් දාලා කිරි එකක් හදාගෙන එන්නකො.පුලුවන්ද?………………..”

“අනේ හා.මට පුලුවන් මහත්තයා………………….”

නැවත හමුවෙමු❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

යාලුවනේ,කවර් ෆොටෝ එක වෙනස් කරන්න හිතුවා.අපේ ක්‍රිෂාන් කොලුවට ගැළපෙන ෆොටෝ එකක් එවන්නකො. පොලිස් යුනිෆෝම් එකෙන් ඉන්න එකක් වුනත් කමක් නැහැ.තාත්තෙක් චූටි දුවෙක්ව වඩාගෙන ඉන්න පින්තූරෙකුත් එවන්නකො.