මැරයෙකුගේ පෙමින්👹️

🔥”ඇයි අම්මෙ මේ කලබලෙන් වගේ? මොකද උනේ?……………………………”

“පුතේ අර මනුස්සයව කව්ද වෙඩි තියලා මරලා දාලා…………………………”

“ක….ක…….ව්……..ද………………………….”

මවගේ කලබලකාරී බව දුටු අනුරාග් මදක් තැති ගත්තා.ඔහු දන්නවා අම්මා මේ පවසන්නේ රමේෂ් ගැන කියලා.

“රමේෂ්,රමේෂ් වික්‍රමආරච්චි කියන්නෙ. ඒ මනුස්සයට කව්දෝ මන්දා වෙඩි තියලා මරලා දාලා.එතන හිටපු තවත් මිනිස්සු දෙන්නෙකුටත් වෙඩි තියලා.ඒ දෙන්නා නම් මැරිලා නෑ……………………………”

දෙයියනේ රමේෂ්ගෙ ගෝලයො දෙන්නා මැරුනෙ නෑ කියන්නෙ අපි ලෝක අමාරුවක වැටෙන්නෙ.උන් දෙන්නා පොලීසියට කියයිද දන්නෑ මමයි රමේෂ්ට වෙඩි තිබ්බෙ කියලා.

“කොහොම හරි කාගෙ හරි අතින් ඌ මැරුනනෙ.එහෙම නැත්නම් ඌ මැරෙන්නෙ මගෙ අතින්.අම්මා දැන් ගිහින් නිදා ගන්න.ඌ මළා කියලා අපිට ප්‍රශ්නයක් නෑනෙ………………………….”

තම සිතට විරුද්ධව එසේ පැවසූ අනුරාග් සකුණිට සැකයක් නොසිතෙන්නට මෙන් ඇයවත් තුරුල් කරගෙන සයනය මත වැතිරුනා.

“අනුරාග්?………………………….”

“ඇයි මැණික?…………………………….”

“ඔයා නේද රමේෂ්ව මැරුවෙ?…………………………..”⚡⚡

“මොකක්??තමුසෙට මොංගල්ද ඕයි?මොනවද මේ කියවන විකාර?තමුසෙ කියන්නෙ මං මිනී මරුවෙක් කියලද?…………………………”😡😡

“ඔයාට ඔච්චර කේන්ති යන්න තරම් දෙයක් මං ඇහුවෙ නෑනෙ අනුරාග්.ඔයා කරන කියන වැඩත් එක්ක බලද්දි රමේෂ්ව මැරුවෙ ඔයා කියලා මට සැකයක් හිතෙන එක වැරදි නෑනෙ……………………………”

ඔක්කොටම කලින් මේකිව ශේප් කරගෙන ඉන්න වෙයි.පුදුම ඉවක්නෙ මේ හු### ට තියෙන්නෙ.රමේෂ්ව මැරුවෙ මමයි කියලා මේකි හරියටම දැන ගත්තොත් මං වසල හමාරයි මෙතන.

“මැණික ඔයා බොරුවටනෙ මේ කලබල වෙලා තියෙන්නෙ.රමේෂ් මගෙ හතුරෙක් තමයි.ඒත් මං ඌව මැරුවෙ නැහැ.මගෙ මැණිකට මං මෙහෙම ආදරෙන් කතා කරද්දිවත් මාව විශ්වාස නැද්ද?…………………………”

“එහෙනම් මට කියන්න අද දවල් ඔයා කොහෙද ගියේ කියලා?ඔෆිස් ගියෙත් නෑනෙ………………………..”

අනුරාග්ට එකපාරටම සකුණිට කියන්න බොරුවක්වත් හිතන්න බැරි වුනා.තමා නිශ්ශබ්දව හිටියොත් අනිවාර්යෙන්ම සකුණි ඇත්ත දැන ගන්නවා.ඇයත් සමඟ රණ්ඩුවට ගියොත් මේ රහස හංගගෙන ඉන්න ලැබෙන්නෙ නැහැ.ඊට කලින් හොස්පිටල් එකේ ඉන්න රමේෂ්ගෙ ගෝලයො දෙන්නා ගැන විමසිල්ලෙන් ඉන්න ඕනි.උන් දෙන්නා පොලීසියට ඇත්ත කිව්වොත් සේරම විනාශයි.

“ඔච්චර කල්පනා කරන්න දෙයක් නෙවෙයිනෙ අනුරාග් මං ඔයාගෙන් ඇහුවෙ.ඇයි අද දවල් කොහෙද ගියේ කියලා ඔයාට මේ ඩිංගට අමතක වුනාද?……………………………..”

“යාලුවෙකුගෙ ගෙදර ගියේ.මිනී මරන්න නෙවෙයි.තමුසෙට මාව විශ්වාස නෑනෙ. මං තමුසෙට මෙච්චර ආදරේ කරද්දි තමුසෙ මං ගැන සැක කරනවා……………………………….”

ඔහු කතා කරන්නෙ දුකෙන් වගේ.එය ඇගේ සිතට මහත් වේදනාවක් වුනා. තමා අනුරාග්ට ආදරෙයි.හැම දේකදීම ඔහුව සැක කරන්න හොඳ නෑ.

“මට සමාවෙන්න අනුරාග්.මං ඔයාව සැක කරන්නෙ නැහැ.එදා ඔයා රමේෂ්ට ගහලා තුවාල කරපු නිසා ඔයාව පොලීසියෙන් අරන් ගියා.ඒ නිසායි මට සැක හිතුනෙ ඔයා රමේෂ්ව මරන්න ඇති කියලා.මට ඔයාව විශ්වාසයි………………………………….”

“ඔයාට මාව විශ්වාස නම් මට ඒ ඇති සකුණි.දැන් නිදා ගම්මු……………………………..”

ඇය ඔහුට තුරුල් වී ඔහුගේ බඩ උඩින් කකුලක් දමා ගත්තා.ඇයට නින්ද ගිය නමුත් ඔහුට නම් නින්ද ගියේ නැහැ. මධ්‍යම රාත්‍රිය ළඟා වන තුරුත් ඔහු උන්නේ අවදියෙනි.ඔහු හිමින් සීරුවේ තමාගේ බඩ උඩින් දමාගෙන සිටින ඇගේ කකුල අහකට දැමුවා.තමාගේ පපුව මත ඇති ඇගේ අතද පසෙකට කෙරූ ඔහු හෙමින් සීරුවේ ඇඳෙන් නැගිට සිය ජංගම දුරකථනයද රැගෙන බැල්කනියට ගියා.

“දිනේෂ් යකෝ තොපි කිව්වා නේද අරුන් දෙන්නා මැරුනා කියලා?උන් මැරිලා නෑ යකෝ……………………….”😡📲

“මොනවා😱එහෙම වුනේ කොහොමද බොස්?…………………………..”📲

“උඹ මගෙන්ද අහන්නෙ එහෙම වුනේ කොහොමද කියලා?😡මං උඹලාව විශ්වාස කරලයි වැඩේ බාර දුන්නෙ. යකෝ දැන් උන් දෙන්නා පොලීසියට කිව්වොත් අරූව මැරුවෙ අපියි කියලා. අපිට වෙන්නෙ ජීවිත කාලෙටම හිරේ ලගින්න…………………………..”📲

“එහෙනම් බොස් අපේ කොල්ලො දෙතුන් දෙනෙක් හොස්පිටල් එකට දාලා අරුන් දෙන්නව ඉවරයක් කරලා දාමු. එතකොට වැඩේ හරිනෙ…………………………..”📲

“නෑ ඒක දැන්ම කරන්න ඕන්නෑ.තාම උන් දෙන්නට සිහිය ඇවිත් නෑ.සිහිය ආවත් කට උත්තරයක් දීගන්න දැන්ම බැරි වෙයි.මං තියන්නම්.කෝකටත් උඹලා මේ ටිකේ පරිස්සමින් හිටපන්…………………………..”📲

“ඕකේ බොස්……………………………”📲

දුරකථන සංවාදය අවසන් කල ඔහු බැල්කනියෙන් නික්මුනේ කාමරයට පැමිණීමටය.ඔහු ආපිට හැරෙනවාත් සමඟම දුටුවේ තමා ඉදිරිපිට සිටගෙන දත් මිටි කමින් ඇස් රතු කරගෙන කෝපයෙන් වියරු වැටුනු හැපින්නක් සේ සිටින සකුණිවය.ඔහුට දාඩියත් දැමීය.බිම බලා ඔහු නැවතත් ඇය දෙස
බැලීය.සකුණි තමා ඉදිරිපිට නැත.එය මායවකි.ඇය යහනේ සුව නින්දක පසු වෙයි.යහන වෙත පැමිණි ඔහු කැළඹුන සිතින් ඇයට තුරුල් වී නිදා ගත්තේය.

“අනුරාග්,නැගිටින්නකො අනේ.මොකද මේ තවත් නිදි?………………………….”

මේ මනුස්සයා ඊයෙ රෑ නිදාගෙන නැද්ද මෙහෙම දවල් වෙනක්ල් නිදා ගන්න හදන්නෙ.

“අනුරාග් නැගිටිනවකො අප්පා.මොකද මේ පස්සට එලියට වැටෙනකල්ම නිදි?…………………………”

“නිදා ගන්න දීපන්කො ගෑණියෙ.උදේ පාන්දරම බෙලි කටු මල්ල හොලවන්න ගත්තෙ…………………………….”🤣😂

“බලනවා මනුස්සයො වෙලාව. දහයාමරත් පහු වෙලාව දැන්. නිදිකුබ්බා වගේ නිදාගෙන මෙතන. ඊයෙ රෑ නිදා ගත්තෙ නැද්ද?……………………………”😠

“මොන හු#### ද මන්දා මේ මළ යස්සනී මට නිදා ගන්න දෙන්නෙත් නෑ.බලන් ඉන්න හැටි උලමි වගේ මෙතන.දෙන්න හිතෙනවා දත් ටික බඩට යන්න……………………….”

“දෙනවා බලන්න පුලුවන් නම්…………………………”😠

“ඇයි බෑ කියලා හිතුවද?………………………….”

“බෑ තමයි.ගස් හිවලා…………………………”😂😆

“මොකක්ද කිව්වෙ?ඔහොම හිටපිය හාල්මැස්සි.උඹට අද මං…………………………..”😠😆

අනුරාග් ඇඳෙන් නැගිටලා එන්න කලින් මං හැදුවෙ දුවලා එලියට යන්න.ඒත් අනුරාග් මං දොර ගාවින් එලියට දුවන්න කලින් මාව අල්ලගත්තා.

“අනේ ගහන්න නම් එපා අනුරාග්.අනේ මාව අතාරින්න……………………………”

“බෑ අතාරින්නෙ නැහැ.තමුසෙ මට ගස් හිවලා කිව්වා නේද?මට නිදා ගන්න දුන්නෙත් නෑ.මගෙ නින්ද කඩලා මාව තරහ ගැස්සුවා උදේම.ඔහොම හිටපිය දඟලන්නෙ නැතුව………………………….”

දොර වහපු අනුරාග් මගෙ අත් දෙක බිත්තියට තියලා තද කරගෙන හිටියා. මට බයත් හිතුණා මේ යකා මොනවා කරන්නද හදනවද දන්නෑ.මොකක් හරි වලත්ත වැඩකට තමයි මේ ලෑස්ති වෙන්නෙ.අනුරාග් ටිකෙන් ටික මගෙ මූණට ලං වුනා.මං තද කරලා ඇස් දෙක පියා ගත්තා.එයාගෙ සුසුම් හඬ මගෙ කම්මුල් වලට වදිනවා.මිහිරි හැඟුමකින් මගෙ සිත සලිත වෙලා ගියා.

“මොකද මේ හිටගෙන නිදිද?…………………………..”

“අනේ මාව අතාරින්නකො අනුරාග්…………………………..”

“ඒක නෙවෙයි අපි යමුද තමුසෙලාගෙ ගමට ගිහින් එන්න…………………………..”

“අනේ මට නම් එහෙ යන්නවත් හිතෙන්නෑ අනුරාග්………………………….”

“තමුසෙගෙ ලොකු නැන්දා ඒ තරමටම තමුසෙට පහත් විදියටද සැළකුවෙ?………………………….”

මගේ අත්දෙක අතෑරපු අනුරාග් ඇඳෙන් වාඩි වුනා.මාත් මොකුත් නොකියා එයාගෙ පපුවට තුරුල් වෙලා ඔලුව තියාගෙන හිටියා.මොන තරම් දුක් ගිනි කන්දරාවක් හිත දරාගෙන හිටියත් මේ පපුවට තුරුල් වෙලා හිටියම හිතට මහා ලොකූ සැනසීමක් දැනෙනවා.

“ඇයි සකුණි තමුසෙ සද්දෙ නැතුව ඉන්නෙ?තමුසෙ කැමති නැද්ද එහෙ යන්න…………………………”

“ලොකු නැන්දා මට සළකපු හැටි මතක් වෙද්දිත් මට එහෙ යන යන්න හිත දෙන්නෙ නෑ අනුරාග්.අනික මට ඊයෙ රෑත් හීනෙන් අම්මවයි තාත්තවයි පෙනුනා.මට තවත් දුක දැනෙයි ගමට ගියොත්……………………………..”

“හරි මැණික.එහෙනම් අපි ගමට යන්න ඕන්නෑ.තමුසෙට දුක් දෙන්න මට බෑ…………………………..”

“මට එච්චරටම ආදරෙයිද?…………………………”

“හ්ම්ම්.ඔව් මැණික මං තමුසෙට ගොඩාක් ආදරෙයි………………………”

එයා එහෙම කිව්වෙ මගෙ නහයට තට්ටුවකුත් දාලයි.මං ටිකක් උඩට ඉස්සිලා ඒ උරහිසේ කම්මුලක් තියාගෙන ඒ කම්මුලක ඇඟිල්ලෙන් ඉරි ඇන්දා.

“මොකද මේ මගෙ නෝනා උදේ පාන්දරම හුරතල් වෙන්න හදනවද?…………………………”

“හ්ම්ම්…………………………..”

මං එහෙම කිව්වෙ එයාගෙ කම්මුලකට හාදුවකුත් දීලයි.එයා හිනාවෙලා මගේ පිට වටේට අත් දෙක යවලා මාව තවත් තද කරලා තුරුල් කරගෙන හිටියා. නොසිතූ වෙලාවක නොපැතූ විදියට අනුරාග් මගෙ ජීවිතේට ආවා.මං කවදාවත්ම හිතුවෙ නැහැ මට මේ වගේ ලස්සන ආදරයක් ලැබෙයි කියලා. අනුරාග් දඩබ්බර හිතුවක්කාර මුරණ්ඩු කෙනෙක් තමයි.ආදරෙන් කියලා දීලා හිමිහිට එයාව මේ මැර ජීවිතෙන් ඈත් කරවගන්න ඕනි.

“අලි බබාට දැන්ද හුරතල් වෙන්න මතක් වෙලා තියෙන්නෙ?…………………………”

“මේ එන්න එපා මට අලි බබා කියන්න. මං ඔයා ගාව හුරතල් වෙන්නැතුව වෙන කා ගාව හුරතල් වෙන්නද?……………………………..”😠😏

“එහෙනම් අපි හුරතල් කරන්න එක්කෙන් ගේමු……………………………”

“හා😃😀එහෙනම් අපි බලු පැටියෙක්ව අරන් එමුකො………………………………”

🤦🤦🤦

ඔහු කියූ දෙය ඇයට වැටහුනේ නැත. ඇය සිතුවේ ඔහු කිව්වෙ සුරතලේට ඇති කරන්නට සතෙකු ගේමුයි කියා සිතලා.

“මෝඩ එළදෙණ මං කිව්වෙ සතෙක් ගැන නෙවෙයි……………………………”

“එහෙනම්?……………………………..”

“මං කිව්වෙ මේ බණ්ඩියට පුංචි පැටියෙක් ගේමු කියලා.කොච්චර ශෝක්ද පුංචි දරුවෙක්ගෙ හිනා හඬක් මේ ගේ ඇතුලෙ ඇහෙනකොට.වැටි වැටි ඇවිද ඇවිද දුවනකොට හරිම ආස හිතෙනවා……………………………..”

එයා කියන්නෙ මගෙ කුස අත ගාන ගමන්.අම්මා කෙනෙක් වෙන්න මාත් හරිම ආසයි.ඒත් හිතට පුංචි ලැජ්ජාවකුත් එක්ක බයකුත් දැනෙනවා.

“අනේ මට ලැජ්ජයි…………………………”🙈

“ලැජ්ජ වෙන්නෙ මොකටද බන්?මේ කුක්කු දෙකේ එල්ලිලා පුංචි එකෙක් කිරි බොනකොට කොච්චර ලස්සනද?…………………………..”

එයා එහෙම කිව්වෙ මගෙ පපුව එක පැත්තක් අතගාන ගමන්.නපුරාට තාත්තියෙක් වෙන්න ආස හිතිලා වගේ. නපුරාගෙන් පුංචි පැටියෙක් මගේ කුසට ආවට පස්සෙවත් එයාගෙ මේ චණ්ඩි මැර වැඩ නැවැත්තුවොත් හොඳයි.

“ආස හිතෙනවා ඔයා ඔහොම කියද්දි අනුරාග්………………………….”

“මොකේකටද ආස හිතෙන්නෙ?………………………….”😁😉

නපුරා ඔය හදන්නෙ මගෙ කටින් ඒක අහගන්න.හැම දෙයක්ම කියලා දැන් මට ලැජ්ජ හිතෙන දේවල් අහනවා.

“අනේ යන්න ඔයා හදන්නෙ මාව ලැජ්ජ කරන්න අනුරාග්…………………………”

අනුරාග් මාවත් තුරුල් කරගෙන තව මොකක් හරි කියන්න හැදුවා.ඒත් එයාගෙ ෆෝන් එකට කෝල් එකක් ආපු නිසා මාවත් අතෑරලා ෆෝන් එක අතට ගත්තා.

නැවත හමුවෙමු