කම්මුලත් අත ගගා ආදේෂ්,අක්කා විසික් කරපු ලියුම අතට අරන් ඒක කඩලා බැලුවා.ලියුමක් කිව්වට පිටින් පෙනුනු විදියට නම් ඒක මෙඩිකල් රිපෝට් එකක්.මොනවද දන්නෑ මේකෙ තියෙන්නෙ.ඒ ගැන අහන්න මං ආදේෂ් ළඟට කිට්ටු වෙද්දිම එයා ඒක අරන් පුදුමයෙන් වගේ එයාලගෙ කාමරේ පැත්තට දුවගෙන ගියා.
ආදේෂ් කාමරේ දිහාට දුවපු විදිය ගැන නම් මට සැකයකුත් ඇති වුනා.බැරි වෙලාවත් ආදේෂ් අක්කට ගැහුවොත් එහෙම.ඕනි දෙයක් වුනාවෙ කියලා හිතලා මාත් අක්කලාගෙ කාමරේට දුවගෙන ගියා.මං යද්දි අක්කා ඇඳ වියලට ඔලුව තියාගෙන හොඳටම අඬනවා.ආදේෂ්ගෙ ඇස් වලත් කඳුලු.
“අනේ අක්කෙ ඇයි ඔයා මෙහෙම අඬන්නෙ?මොකක්ද ඔයාට සිද්ද වුනේ? ආදේෂ්………..😡කතා කරපන් මිනිහො උඹ මොනවද මගෙ අක්කට කරේ?……………..”😡
ඇඳ උඩ ඉඳගෙන හිටපු ආදේෂ්ගෙ කමිසෙ කොලර් එකෙන් අල්ලලා ඇදලා මං එහෙම ඇහුවා.අඬ අඬා හිටපු අක්කා ඇඳෙන් නැගිටලා මගෙ ඔලුව අතගාලා මාව එයාගෙ ඇඟට හේත්තු කරගෙන හිටියා.නොකිව්වට මොකාක් හරි ලොකු දෙයක් සිද්ද වෙලා තියනවා.
“මට කියන්න අක්කෙ මොකක්ද සිද්ද වුනේ?………………”
“මට කියන්න මැණික,ඔයාලා දෙන්නා අතරෙ ඊයෙ මොනවා හරි දෙයක්………………..”
“එහෙම මොකුත් වුනේ නැහැ අක්කෙ. ඔයා මං ගැන එහෙම බයක් හිතන්න එපා……………….”
අක්කගෙ හිතේ මං ගැන තිබුනු බය ඒ විදියට මං නැති කරා.
“අම්මයි පුතායි දෙන්නාම එකතු වෙලා ලොකු රඟපෑමක් කරේ.ඇත්ත දැනගෙනත් මෙයාලා අවුරුදු දෙකහමාරක් තිස්සෙ ලස්සනට රඟපෑවා.මගේ ජීවිතේ විනාශ කරා මදිවට මගෙ නංගිගෙත් ජීවිතේ විනාශ කරන්නයි හැදුවෙ………………….”
“ඇත්ත?🤔මොකක්ද අක්කෙ ඒ ඇත්ත? මෙයාලා ඔයාගෙන් මොකක්ද හැංගුවෙ?………………..”
“දරුවො හදන්න බැරි මට නෙවෙයි නංගි මෙයාට.ඒක මෙයාත් දැනගෙන ඉඳලා.ඒත් මෙයා ඒක මගෙන් හැංගුවා. මොන තරම් පව්කාර තිරිසන් මිනිහෙක්ද?අවුරුදු දෙකහමාරක් වෙනවා කසාද බැඳලා.
මාස ගානක් තිස්සෙ මං නොවිඳිනා දුක් වින්දා බලු බැනුම් ඇහුවා වඳ ගෑනියි කියලා මේ අම්මගෙනුයි පුතාගෙනුයි.මගෙ ජීවිතේ මට එපා කෙරෙව්වා මේ දෙන්නා. වැරැද්ද එයාලා ගාව තියාගෙන බැන්නෙ දුක් දුන්නෙ මට.මොකක්ද මං ඔයාට කරපු වැරැද්ද ආදේෂ් මට මෙහෙම කරන්න………………..”😭😭
මොනවා…………😱😱ඒ කියන්නෙ ආදේෂුයි එයාගෙ අම්මයි මෙච්චර කාලයක් තිස්සෙ කරලා තියෙන්නෙ ලොකු බොරුවක්.දරුවො හදන්න බැරි අක්කට නෙවෙයි මෙයාට.ඒක දැනගෙනත් මේ ජරා මිනිහා වැරැද්දට ඇඟිල්ල දික් කරේ මගෙ අක්කට. තමන්ගෙ අතේ වරද තියාගෙන ඒක මගෙ අක්කා පිටින් යවන්න තරම් මේ මිනිහා මෙච්චර පහත් තත්වෙට ආවෙ කොහොමද?😠ඒ විතරක් නෙවෙයි මුගෙ අවලං ආශාවල් පිරිමහගන්න මාවත් පාවිච්චි කරන්න හැදුවා.තාත්තා කෙනෙක් වෙන්න බෑ කියලා දැන දැනත් මූ මං ළඟට එන්න හැදුවෙ මුගෙ අවලං ආශාවල් පිරිමහගන්න.වින්ද්‍යා ආන්ටි මොන තරම් තිරිසන් ගැහැණියක්ද?ගෑණු කමටත් අපහසයක් මේ ගෑණි නම්.
“මට සමාවෙන්න හෂීරා.වරද තියෙන්නෙ මගෙ.ඒත් ඒ ගැන දැනගෙන හිටියෙ මං විතරයි.අම්මා මේ ගැන මොකුත්ම දන්නෙ නෑ.ඔයා මට කැමති දඬුවමක් දෙන්න.මං ඔයා ගැන පොඩ්ඩක්වත් වරදක් හිතන්නෙ නැහැ. මං මේක නොකිව්වෙ ඔයා මාව දාලා යයි කියලා බයට.මට ඕනි වුනේ ඔයා වගේම ශවීනාවත් මං ගාවට ගන්න. ඒකයි මං මේ හැම රඟපෑමක්ම කරේ. මට දැන් හැම දෙයක්ම තේරෙනවා.මට සමාවෙන්න හෂීරා.මං ඔයාට ඩිවෝස් එක දෙන්නම්.මං වගේ වඳ මිනිහෙක් එක්ක ජීවත් වෙලා ඔයාගෙ අනාගතේත් අඳුරු කරගන්න එපා.ඔයා මගෙන් ඈත් වෙලා යන්න……………….”
“ඩිවෝස්??………………”😱
“ඔව් හෂීරා.මුලදි මං ඔයාගෙන් ඩිවෝස් වෙනවා කියලා පෙන්නුවෙ බොරුවට. මෙච්චර කාලයක් අම්මයි මමයි ඔයාට වද දුන්නාට මට සමාවෙන්න.අපි ඩිවෝස් වෙමු හෂීරා.මාත් එක්ක ජීවත් වුනා කියලා ඔයාට අනාගතයක් ඉතුරු වෙන්නෙ නැහැ……………….”
ඇස් දෙකේ කඳුලු පිහදාගත්තු අක්කා මං දිහායි ආදේෂ් දිහායි බැලුවා.අක්කා ආදේෂ්ගෙන් ඩිවෝස් වෙන්න කැමති වෙයිද?එයාගෙ ආදරේට මොකක් වෙයිද?
“වරද ඔයාගෙ අතේ නොවී මගෙ අතේ තිබුනා නම් මේ වෙනකොටත් ඔයා මාව ඩිවෝස් කරලානෙ ආදේෂ්.ඔයා හිතක් පපුවක් නැති වැඩක් කරාට මට බෑ එහෙම කරන්න.අපි ඩිවෝස් වෙන්න ඕන්නෑ.මට බැහැ ඔයාව නැතුව ජීවත් වෙන්න.ඉස්සරහට බලමුකො මොනවද කරන්න පුලුවන් කියලා……………….”
අක්කගෙ ආදරේ,භක්තිය ගැන මට පුදුම හිතුණා.මෙච්චර ලොකු වරදක් කරලත් අක්කා ආදේෂ්ට සමාවත් දුන්නනෙ.මට සහතිකේටම විශ්වාසයි වරද අක්කගෙ වුනා නම් ආදේෂ් නම් කවදාවත් අක්කා මේ ගත්තා වගේ තීරණයක් ගන්නෙ නැහැ.දැන්වත් ආදේෂ්ගෙ ජරා නරක ගතිගුණ නැතිවෙලා ගියොත් හොඳයි.
අක්කාටයි ආදේෂ්ටයි තනියම ඉන්න දීලා මං එයාලගෙ කාමරෙන් එළියට ඇවිත් මගේ කාමරේට ආවා.දොර වහලා හැරිලා බලද්දි ආදිත්‍ය කාමරේ. ආදිත්‍යව දැකපු ගමන් මං හොඳටම බය වුනා.
“ආදිත්‍ය අයියෙ ඔයා😱මං බයත් වුනා. හොරා වගේ කාමරේට ඇවිත් සද්දෙ නැතුව ඉන්නවා………………..”
“ඩබල මොනවද කියන්නෙ ශවීනා?…………….”
“අක්කා අයියාට සමාව දුන්නා.දැන්වත් එයා මනුස්සයෙක් වගේ හැදුනොත් හොඳයි.මට වෙලාවකට අක්කාගෙ ආදරේ ගැන පුදුමයිත් එක්ක.ආදේෂ් අයියා මෙච්චර වංචාවක් කරලත් අක්කාගෙ ආදරේ වෙනස වුනේ නැහැනෙ……………….”
“සැබෑ ආදරේ කියන්නෙ ඒකට ශවීනා. හැබැයි ඔයා අහලා තියනවද කතාවක් තියනවා වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා,ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයා කියලා?……………..”
“ඔව්………………”
“අක්කගෙ තියන හිත හොඳකමට අයියාට සමාව දුන්නත් අයියා දිගටම වැරදි කරයිද?ඔයා පරිස්සමින් ඉන්න ශවීනා.අයියා වුනත් මට එයාව එච්චර විශ්වාස නැහැ.අනික් එක්කෙනා අපෙ අම්මා.එයා මේ කරන්න හදපු දේ නිසා මට නම් එයා ගැන පුදුම කළකිරීමක් ඇති වුනේ………………..”
“දැන් ඒ ගැන හිතන්න එපා ආදිත්‍ය අයියෙ.අක්කාත් වෙච්චි දේවල් අමතක කරලා අයියාට සමාවත් දුන්නනෙ……………….”
“දැන් නම් හිතට ටිකක් නිදහසක් දැනෙනවා.මං හිතුවෙ හෂීරා අක්කා අපේ යකාගෙන ඩිවෝස් වෙයි කියලා………………..”
“නෑ.අක්කා ඒ යකාට පණ ඇරලා.ඉතින් කොහොමද ඒ යකා නැතුව ඉන්නෙ?…………….”😃
“එතකොට මේ යකා ගැන මේ යකින්න මොකද කියන්නෙ?……………….”😀😉
මගෙ ඉන වටේට අත් දෙක යවමින් මාව තුරුල් කර ගන්නා ගමන් ආදිත්‍ය එහෙම ඇහුවා.
“මොනවා කියන්නද යකෝ?…………..”😂
මං කොලොප්පමට වගේ එහෙම අහද්දී ආදිත්‍ය මගේ කන මිරිකුවා.මං ඌයි කියලා කෑ ගහද්දි ආදිත්‍යට හිනා.මට රිද්දලා එයා හිනා වෙනවා.
“සොරි බබා.මං විහිලුවක්නෙ කරේ.කෝ මේ පැත්තට හැරෙන්න.ඔහොම ඉන්නකො…………….”
මං හිතුවෙ ආදිත්‍ය මගේ කන අතින් පිරිමදින්න හැදුවා කියලා.ඒත් එකපාරටම එයා මගේ කම්මුලක් සිප ගත්තා.මට ලැජ්ජත් හිතුණා.
“ඇයි කොල්ලා කිස් කරාම ලැජ්ජ හිතුනද?……………….”😀😚
“හ්ම්ම්……………….”
“කිස් එකක් දුන්නම මෙහෙම ලැජ්ජයි නම් අනික් දේවල් කරද්දි කොහොම හිටීද?…………………”😁😉
“ආදිත්‍ය අයියෙ ඔයා නම්………….😁😁හරි නරකයි අනේ……………..”
ලැජ්ජාවෙන් මුහුණ රතු කරගෙන මං එහෙම කියද්දි ආදිත්‍ය මාව හරහට ඔසවගෙන ඇඳෙන් තියලා මගෙ පපුවෙන් ඔලුව තියාගෙන හිටියා.
“ඔලුව ටිකක් අතගාන්නකො ශවීනා………………..”
මං ආදිත්‍යගෙ ඔලුව අතගාද්දි එයා සනීපෙට ඇස් දෙක වහගෙන හිටියා.
නැවත හමුවෙමු🥀